ලබන අඟහරුවාදා ගල් අඟුරු නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කරයි.
මීට ඉහත දී ගිවිසුම්ගත වූ සමාගමෙන්ම මෙම ගල් අඟුරු තොගය ආනයනය කිරීමට පියවර ගත් බව ද ඒ මහතා සඳහන් කරන ලදී.
එමෙන්ම ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ නොරොච්චෝලේ තාප බලාගාරය, ගල් අඟුරු හිඟයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි බවයි.













































