වැලිගෙපල ර/කෝන්ගස්තැන්න විදුහලේ දි මෙම බුද්ධ මන්දිරය (2022/10/21)දින විවෘත විය.
මීට වසර තුනකට පමන එපිටදි විදුහලේ බුද්ධ ධර්ම ආචාර්යිවරයාගේ පුංචි සිතුවිල්ලක් මත විදුහල්පති සරත් කුලසේන මහතාගේ මෙහෙය වීම මත එහි අත්පොත තැබිනි.
රටෙහි අභියෝග මැද ඉදිරියට ඇදුන මේ සංකල්පය මීට මාස එකහමාරකට පමන ඉහතදි යලි ලියලා විදුහල් බිමේ අද දින ජීවමාන විය.
මුල්‍ය හා ශ්‍රම වටිනාකම සමග ලක්ෂ හැටකට අධික මෙහි බරපැන් පාසැල් සංවර්ධන සමිතිය දෙමව්පියන් ආදි සිසුන් හා පරිත්‍යාග ශීලින් දරන ලදි.
පාසැල් බිමක ඉදිවුන ලංකාවේ එකම දෙමහල් විහාරය මෙය වන්නේ කෙසේද ?ඒ පිළිබදව අන්තර්ජාල ඔස්සේ විමසිම් කර බැලුවෙමි.
දෙමහල් ගොඩනැගිලි හමුවිය.එනමුදු ඉහල මාලයේ බුදු කුටියක් සහිත විහාරයක් පහල මාහලයේ බුදු කුටියක් සහිත සිත නිවෙන අඩ අදුරැ විදුලි ආලෝකය සපයා සිසු සිත සමාධියට යොමු කරන වෙනත් කිසිදු පාසැලකින් ලංකාවේ නොවේ ලොව කිසිදු තැනකින් මාගේ අන්තර්ජාල ගවේෂනයේ දි හමු නොවීය.
එසේනම් කෝන්ගස්තැන්න විදුබිමෙන් බිහි වූයේ ලෝකෙටම එකකි.ඒ මා හැගි සංකේතය යතාර්තයක් කරමින් එහි සමාධි සුවෙන් හොද අධ්‍යාපනයක් ලබා යහපත් පුරවැසියන් වීම නුතන හා අනාගත සිසුන් ට බාර කටයුත්තකි.
මහා වර්ෂාවේ වුවද ඉතා අභිමානවත් අන්ධමින් අද පැවැති උත්සවය වෙනුවෙන් කිසිදු දේශපාලුවෙකු සාභාගි නොකිරීම මතුපරපුරටම ලබා දුන් වටිනා ආදර්ශයක් ලෙස මා පුද්ගලිකව සිතමි..
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි ජි ආරියපාල මහතා, වැලිගෙපල සහකාර ප්‍රාදේශිය ලේකම් තුමා, පොලිස් ස්ථානාධිපති තුමා ඇතුලු රජයේ නිළධාරින් වැලිගෙපල ශාෂනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි මොරහැල උත්තරානන්ද හිමි ,නෙල්ලිගල හා කුරගල විහාර නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි ඇතුලු භික්ෂුන් වහන්සේලා මෙහි ආරාධියන් වු අතර පාසැල් බිමම සුදෝවතින් බැබලුන මෙම වැඩසටහනට සමගාමිව අද රාත්‍රි පරිත්‍යාන ධර්මදේශනාවක් ද පැවැත්වීමට නියමිතයි.













































