අද (25) දිනයේ වැසි තත්ත්වයේ අඩු වීමක් දක්නට ලැබෙණ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්කුව සඳහන් කළේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි.
එමෙන්ම ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.












































