ස්පාඤ්ඤයේ ඉහළ යන උද්ධමනය හමුවේ පීඩාවට පත් එරට වැසියන් දහස් ගණනක් එරට අගනුවර දී විරෝධතාවයක නිරත වී ඇත.
එසේ විරෝධය පළකරමින් ඔවුන් ඉල්ලා සිටියේ ඉහළ යන උද්ධමනය මධ්‍යයේ වේතන සහ විශ්‍රාම වැටුප් ඉහළ දමන ලෙසයි.
ස්පාඤ්ඤය තුළ ආහාර සහ ඉන්ධන මිල මෙන්ම නිවාස උණුසුම් කිරීම සඳහා වැය වන මිල ගණන් ද මේ වන විට ඉහළ ගොස් ඇති අතර ඉදිරියේ දී පැමිණෙන සීත සෘතුවේ දී එය විශාල ලෙස බලපෑ හැකි බව වාර්තා වේ.
පසුගිය වසර 40කට පසු වාර්තා වූ ඉහළම උද්ධමනය 10.7%ක් ලෙස ස්පාඤ්ඤය පසුගිය ජූලි මාසයේ දී වාර්තා කර ඇත.
කෙසේ නමුත් ඔක්තෝබර් මාසයේ දී එරට උද්ධමනය 9% ක් ලෙස සටහන්ව ඇත.















































