පරිසරවේදී නයනක රන්වැල්ල සමග යාල සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදුකළ හෙළිදරව්වක්.
මේ වන විට රටේ සියල්ලන්ගේ අවධානය යොමුව ඇති මෙම යාල වනෝද්‍යානය පිළිබඳ ආන්දෝලනාත්මක ගැටලුව සම්බන්ධයෙන් තවමත් නිසි අනාවරණයන් සිදුව නොමැත.
ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කිරීමේ චේතනාවෙන් ඔවුන්ට ගැතිකම් කරන්නන් මේ වන විට ඔවුන් මෙම සිදුවීමට සම්බන්ධ බව පවසමින් නීතිය ඉදිරියට පැමිණිය ද තවමත් සැබෑ වැරදිකරුවන් සැගව සිටියි.
නයනක රන්වැල්ල සඳහන් කළේ මෙම සිදුවීම තුළ මහින්ද අමරවීරගේ අයියගේ පුතෙකු මෙන්ම රෝහිත අබේගුණවර්ධනගේ බෑණා ද වන බවයි.මොවුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනය කිරීම වළකා ගොඩින් බේරාදෙන ලෙසට නයනක රන්වැල්ලට ද යෝජනා ඉදිරිපත් කර ඇති බව මෙහිදී සඳහන් කරයි.
විශේෂයෙන් වනජීවි පොලීසිය මෙම පැමිණි පිරිසගේ සල්ලිවලට වහවැටී මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත්, ඔවුන් විසින් අමරවීරගේ වාහනයේ මුවෙකු ගැටුනු බවත්, හිටපු අධ්යක්ෂ ජනරාල්ගේ වාහනයේ කොටියෙකු හැප්පුන සිදුවීමත් වසා දැමූ බවත් මෙහිදී අනාවරණය විය.
මෙහි දී මොවුන් මත්පැන් බොමින් ගමන් ගන්නා වීඩියෝපට ද මේ වන විට සොයාගෙන ඇති නමුත් මෙතරම් නීති කඩකළ පිරිසක් නීතිය ඉදිරියට රැගෙන ඒම මෙතරම් ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව ජනපති තුමන් සොයා බැලිය යුතුව ඇත.
වනෝද්‍යානයේ ඇති CCTV පද්ධතිය තුළින් මෙසේ පැමිණි වාහන සහ පුද්ගලයින් සියල්ල පහසුවෙන් හසු කර ගැනීමේ අවස්ථාව තිබුන ද මෙම විමර්ශන ක්‍රියාවලිය ඉතාමත් මන්දගාමී ස්වරූපයක් ගනු ලබයි.
මුදල්වලට කිරීමට දෑ නොමැතිව මෙසේ පිස්සු කෙළින පිරිස් අතර එදා වේල සරි කර ගැනීට පවා නොහැකිව දුක් විඳින පිරිස් ද වේ.