කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ රජයේ සේවකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී අදාළ රටට ගැළපෙන සුදුසුකම සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනනැගී ඇති බවයි.
ඒ අනුව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවකයින්ට තම සුදුසුකම් අනුව ලියාපදිංචි වීමට ඉල්ලීමක් කර තිබූ අතර පිරිමි පුද්ගලයින් 10,281 ක් සහ කාන්තාවන් 8,012 ක් මාස දෙකක කාලයකට විදේශගත වීමට කැමැත්ත පල කර තිබෙන බවයි.
කෙසේ වෙතත් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රාජ්‍ය සේවකයින් දැනට මෙරට තුළ කරමින් සිටින රැකියාව විදේශගත වීමෙන් පසුව එම රට තුළ සිදු කිරීමට නොහැකි බවයි.ඒ අනුව එම රටේ ශ්‍රම වෙළඳපොළේ අවශ්‍යතාවයට අනුව රැකියාවක තෝරාගෙන ඒ සඳහා අයදුම් කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.














































