අද (03) උදෑසන රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය වන අසූර් එයාර් ගුවන් යානයක් මෙරටට පැමිණ ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව වෙත නැවත ගුවන් ගමන් ආරම්භ කරමින් අද පෙරවරු 9.45ට මෙම ගුවන් යානය මගීන් 335 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිටයි.
අද (03) සිට ශ්‍රී ලංකාව වෙත සිය සේවා දියත් කරන රුසියාවේ අසූර් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානා සෙන්ට් පිටර්ස්බර්ග් , ක්රිස්නයාස්ක්, නොවෝසර්බියක් සිට දින 10කට වරක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
එසේම මොස්කව් සිට සතියකට දින දෙකක් අසූර් ගුවන් සමගමට් අයත් ගුවන් යානාවක්ද මෙරටට පැමිණීමට නියමිතය.













































