English
සිංහල
21:38 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇලෝසියස් විදුහලේ ළමා අපයෝජන යටගැසූ ළමා ආරක්ෂණ අධිකාරිය මිල්ලනිය උඩට ගනියි.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රත්නපුර ප්‍රදේශයේ පිහිටා ඇති ඇලෝසියස් විද්‍යාලය එම ප්‍රදේශයේ ඇති ප්‍රධානම විදුහලකි.එම විදුහලේ විදුහල්පති විසින් විදුහලේ සිසුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් කළ පුවතක් අප වාර්තා කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද දැනුම්දීමකට අනුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.ඉන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබුණි.

    කෙසේ නමුත් අදාළ විදුහල්පති බේරා ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයෙක් සමග ආදි ශිෂ්‍ය සංගමය දැවැන්ත මෙහෙයුමක් එම දිනවල සිටම ක්‍රියාත්මක කරන ලදී. එහි දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන කටයුතු කඩාකප්පල් වන අයුරින් මොවුන් ක්‍රියාකර ඇති බව වාර්තා වේ. එමෙන්ම ළමා ආරක්ෂණ අධිකාරිය විසින් එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පත්කරන ලද පොලිස් සැරයන් වරයා ද එම කටයුතුවලින් ඉවත් කිරීමට මොවුන් කටයුතු කර ඇත.

    මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අප විසින් සිදුකළ වැඩිදුර සොයාබැලීම් තුළදී Lanka Human Rights Enforcement Council නමැති මානව හිමිකම් සංවිධානයක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හා එක්ව කටයුතු කරන බවට පැහැදිලි සාක්ෂි අපවෙත ලැබී ඇත. කෙසේ නමුත් එහි ක්‍රියාකාරිකයෙකු වන විදුහල්පතිට උපකාර කරන එම ලේඛම්වරයා තම පාසල වෙනුවෙන් ද විශාල වැඩකොටසක් සිදුකරන බවද දක්නට තිබේ. නමුත් අප මෙහිදී සටහන් කරනුයේ සැකකාර විදුහප්ලතිවරයා බේරාගැනීම වෙනුවෙන් සිදුකරන නීතිවිරෝදී මැදිහත්වීම් නිසා ඇලෝසියස් පාසලේද විනාශය සිදුවන බවයි. ඔවුන් කටයුතු කල යුත්තේ පරපුරක් විනාශ නොවන ලෙස හරි දේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් සිදුවීමට ඉඩ හරිමින්ය.

    මේ වන විට වාර්තා වී ඇති අයුරින් උසස් පෙළ අවසන් කළ ශිෂ්‍ය නායකයින් ගණනාවක් පසුගිය කාලය පුරාම විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ කටයුතු කර තිබූ අතර පාසල් හැරගිය එම සිසුන් විසින් මෙම විදුහල්පතිගේ උපන්දිනයට සුබ පැතුම් ද එක්කර තිබුණි.

    ඊට අමතරව මයුරන් වනසුන්දර නමැති ආදි ශිෂ්‍යයකු විසින් සිය මුහුණු පොතේ “කුමන්ත්‍රණ පරදවමු සත්‍ය ජයගමු” මැයෙන් ආදි ශිෂ්‍ය සංගමය ශාන්ත ඇලෝසියස් විද්‍යාලය නමින් ඡායාරූප ගණනාවක් සටහන් කර තිබූ අතර පසුගියදා අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ද ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා සහභාගී වී සිටි බව ද වාර්තා වේ.

    මෙම මයුරන් වනසුන්දර නමැති පුද්ගලයා Lanka Human Rights Enforcement Council නමැති රාජ්‍ය නොවන සංවිධානයේ මහ ලේකම් බව සඳහන් වන අතර ඔහු සහ ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතිඥ සංජීවනී අබේසිංහ සමග සමීප සම්බන්ධතාවයක් පවතින බවට මොහුගේ මුහුණු පොතේ සඳහන් ඡායාරූප ආදිය තුළින් ගම්‍යමාන වේ.

    දරුවන්ගේ යුක්තිය වෙනුවට බලධාරීන් දරුවන්ට එරෙහිව කටයුතු කරන බවට මීට මසකට පමණ පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අපගේ මාධ්‍යවේදීන් දැනුම් දීම.

    එමෙන්ම විදුහල්පතිගේ අතවරයට ලක් බව පවසන තවත් ළමුන් 07 දෙනෙකු පමණ විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත. නමුත් එම සිසුන් තොරතුරු ලබා දීම මගහරින්නේ ආදී ශිෂ්‍ය සංගමයෙන් මෙන්ම සමහර ගුරුවරුන්ගෙන්ද බලපෑම් එල්ල වීම, ඇලෝසියස් විද්‍යාලයේ සිද්ධිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලිකල පුද්ගලයාගේ තොරතුරු සැකකාර විදුහල්පතිගේ පාර්ශ්වයට ලැබීම සහ සැකකාර විදුහල්පතිවරයා ප්‍රදේශයේ අධ්‍යාපන පරීක්ෂකවරයෙකු ලෙස පත් කිරීම නිසා ද ඇතිව තිබෙන බලපෑම් නිසා බවද අප වෙත තොරතුරු ලැබී තිබේ.

    මේ වන විටත් වින්දිතයකු බවට පත්ව සිටින සිසුවාට සහ ඔහුගේ පවුලේ උදවියට මෙන්ම ශිෂ්‍යයා වෙනුවෙන් සාක්ෂි ලබාදුන් ගුරුවරයෙකුට ද පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ දැඩි බලපෑමට ද ලක්වීමට සිදුව තිබෙණ බවට හඬපට සහිත සාකච්ඡා කිරීම් අපවෙත ලැබී ඇත.

    මෙහි විශාලම බලපෑම වී ඇත්තේ එම වින්දිත දරුවා ඇතුලු පාර්ශවය පත්ව සිටින තාඩන පීඩන හමුවේ අනෙකුත් වින්දිත දරුවන් සම්බන්ධ පරීක්ෂණ කටයුතු කිරීමට නොහැකිව තිබෙන බව වන අතර මේ වන විට ඒ සම්බන්ධ සාක්ෂි ද අප වෙත අනාවරණය වී ඇත. නමුත් ඕනෑම පුද්ගලයෙකු වරදක් කල බවට සැක කරන්නේ නම් ඔහුව නිවැරදි කිරීමට බලපෑම් කිරීමෙන් සිදුවන්නේ දැවැන්ත සමාජීය විනාශයකි. එබැවින් කල යුතුව තිබුනේ නිවැරදි ලෙස පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමය. එම සිද්ධිය යම් කුමන්ත්‍රණයක්ද, නැද්ද යන්න අනාවරණය වන්නේ සාධාරණ පරීක්ෂණයකින් වන අතර නඩු විභාගයෙදී සැකකාර විදුහල්පතිවරයා නිදහස් කෙරුණත් දැනට සිදුව තිබෙන කරුණුවලට අනුව ඔහු නිවැරදි පුද්ගලයෙකු ලෙස සමාජය පිලි නොගනී. ඉන් හානිය සිදුවන්නේ සැකකාර විදුහල්පතිටම වන අතර යම් අයුරකින් විදුහල්පතිවරයා වැරදිකරුවකු බවට පත් වුවහොත් බලපෑම් කල සියලුම පාර්ශ්වයන්වලටද, පාසලටද සිදුවන්නේ දැඩි අසාධාරණයකි.

     මෑතකදී අප මාධ්‍ය විසින් ද කැබිනට් තීරණ  දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ද ශ්‍රී ලංකාවේ දරුවන් හට බලපුලුවන්කාර පාර්ශවයන් විසින් එල්ල කරන තාඩන පීඩන පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලදී.මේ වන විට ශ්‍රී ලංකාව පුරාම සිසු දරුදැරියන් විශාල ප්‍රමාණයක් ගුරුවරගුරුවරියන් අතින් , විදුහල්පතිවරුන්ගෙන්  මෙන්ම සාධාරණයක් අපේක්ෂාවෙන් යන පොලිස් ස්ථානයෙන් පවා දරුවන් පමණක් නොව ඔවුන්ගේ වැඩිහිටියන් ද පීඩාවලට ලක් කරති.

    කෙසේ නමුත් මෙවැනි ගැටලු රාශියක් පැවතිය ද ඇලෝසියස් විද්‍යාලයේ ගුරුවරුන් ඉතාමත් විනෝදකාමී දිවියක් ගතකරන අතර දරුවන්ට යහමග පෙන්වන ගුරුවරුන්ගේ අරක්කු බීමේ සාදයකදී තරගයකට අරක්කු බීමේ සාදයක්ද පවත්වා තිබේ .විශාල වියදමක් දරමින් සංවිධානය කර තිබූ මෙම සාදයට පැමිණි විදුහල්පති මෙන්ම ගුරුවරුන් ද මතින් මත්ව නටමින් ගයමින් කාලය ගත කළ අයුරු සටහන් වීඩියෝ පටයක් ද අපට හමු විය.

    පොලිස් නිලධාරීන් මෙන්ම වැඩිහිටියන්ද දරුවන්ට එරෙහිව කටයුතුකරන බවට අප පෙන්වා දුන් ආසන්නතම සිද්දිය වාර්තා වන්නේ හොරණ මිල්ලනිය පාසලේ සිධියයි .ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය දිගින් දිගටම සිදුකරනුයේ විශාල අපයෝජන සිදුවීම් අල්ලා කුඩා සිදුවීම් සියල්ල යට ගැසීමයි.අනතුරුව කාලයත් සමග යටපත් වූ අපයෝජන සමාජයට පිළිළයක්ව යළි දලුලා වැඩෙයි.අප වාර්තා කරන ලද රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ සිදුවීම ද පන්නල්ගම,දමන ,අම්පාර පන්නල්ගම විදුහලේ අමානුෂික ලෙස සිසුවෙකුගේ කනට පහර දුන් විදුහල්පතිනිය දමන පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් තොරව පොලිස් ඇප මත මුදා හැරීම,ගොඩකවෙල රාහුල ජාතික පාසලේ ක්‍රීඩා උපදේශකවරයෙකු විසින් පොල්ලකින් පහරදී සිසුවෙකුගේ අත කැඩීම, මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විදුහලේ විදුහල්පති ඇතුලු ගුරුවරුන් විසින් සිසුවෙකු ප්‍රසිද්ධියේ අපයෝජනය කිරීම, කෑගල්ල ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකු මරණයට පත්වූ සිද්ධිය, වාරියපොළ දරුවන් සිව්දෙනෙකුට කෘර ලෙස වදහිංසා ලබාදුන් මවගේ 24 හැවිරිදි පෙම්වතාගේ සිද්ධිය, මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම ආදී සිදුවීම් සම්බන්ධයෙන් ගතයුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම අධිකාරිය අපොහොසත් වී ඇති බවට වින්දිත පාර්ශවයන් චෝදනා එල්ල  කරයි.

    එමෙන්ම ළමා ආරක්ෂක අධිකාරියට එරෙහිව එල්ලවන චෝදනා ගණනාවක් අතර එල්ලවන දරුණුම චෝදනාව වන්නේ ඔවුන්ට අවශ්‍ය පැමිණිලි පමණක් තෝරාබේරාගෙන විභාග කිරීමයි. පහතින් දැක්වෙන්නේ වීරකැටියේ සිසුවාට පොලීසිය සහ පාසලේ විදුහල්පතිගේ තක්කඩි ක්‍රියාවලියේ එක් අවස්ථාවකි.

    https://www.ravanalankanews.lk/15935/10/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%87%e0%b6%bd%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%92/11/20/
    https://www.ravanalankanews.lk/14585/08/%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%87%e0%b6%bd%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a/18/11/
    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version