නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කර ඇති පරිදි සංචාරකයින් 6,300 ක් රැගත් නෞකා දෙකක් මෙම මාසයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.ඒ අනුව ඉන්දියාවේ සිට සංචාරකයින් 2,800 ක් සහ ඕමානයේ සිට සංචාරකයින් 3,500 ක් රැගත් නෞකා දෙකක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මීට අමතරව සංචාරකයින් රැගත් නෞකා 8 ක් කොළඹ සහ ත්‍රිකුණාමල වරායන් වෙත ඉදිරි මාස දෙක තුළදී පැමිණීමට නියමිතය.
එමෙන්ම විදේශ සංචාරකයින් 12,431ක් මෙම මාසයේ මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇත.ඉන් වැඩි පිරිසක් ඉන්දියාව,රුසියාව,චීනය වැනි රටවලින් පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ඒ අනුව මෙරටට මේ වසරේ ජනවාරි මස සිට මේ මස 7 වනදා දක්වා පැමිණ ඇති විදේශ සංචාරකයින් ගණන 586,689 කි.















































