රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී 24 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එම මියගිය තැනැත්තා කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේය.
එමෙන්ම අදාළ තරුණයා හිදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය හමුවීමට නිවසට ගිය අවස්තාවේ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පහරදීමක් සිදුකර ගසක බැඳ තැබීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ රත්නපුර පොලීසිය විසින් පහරකෑමට ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මේ අතර සිද්ධියට සම්බන්ධ 37 හැවිරිදි සැකකරු රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.















































