මේ වන විට ආසියානු සත් සමාජික තරඟාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාව වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන්ව ඇති පුවතක් වාර්තා වේ.
ඊයේ (13) දිනයේ පැවතා සිය තරඟයට එක්වීමෙන් අනතුරුව ඇය මෙසේ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින් සිය කණ්ඩායමේ සාමාජිකයින් මෙසේ හදිසියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කොරියානු රග්බි සංගමයේ නිලධාරීන් මාර්ගයෙන් පොලිසිය වෙත දැනුම් දී ඇත.
ඒ අනුව ඇය සොයා ඉන්චියොන් හි නැම්ඩො පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේ නමුත් අද (14) පෙ.ව.11.30ට පමණ ඉන්චියොන් ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රගර් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොරියානු පොලිසය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය රටෙන් පිටවීමට ප්‍රථම අතුරුදන් වූ ඇයව සොයා දීමට උපරිම උත්සහ දරන බවයි.














































