රැකියා සදහා විදෙස් ගත වීම මගින් සිදුවනුයේ බුද්ධි ගලනයක් නොව බුද්ධි ආයෝජනයක් බවත් (බ්‍රේන් ග්‍රේන් එකක් නොව බ්‍රේන් ගේන් එකක් බවත්), ජාත්‍යන්තරයේ ලබන අත්දැකීම් නැවත ලංකාවට පැමිණ ව්‍යාවසායකයන් ලෙසින් භාවිත කළ යුතු බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
ඒ අද දින (14) ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත් ව යන 26 වැනි කණ්ඩායමට අයත් 17 දෙනකු වෙත ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මේ වන විට ඊශ්‍රායල් සාත්තු සේවය සදහා රැකියා ලාභීන් 174 දෙනකු පිටත් ව ගොස් ඇති අතර, අද පිටත් ව යන 17 දෙනාත් සමග එය 191ක් බවට පත් වේ. මෙම 26 වැනි කණ්ඩායමට සාත්තු සේවකයන් දෙදෙනකු සහ සේවිකාවන් 15 දෙනකු ඇතුළත් වේ.
එහි දී රැකියාලාභින් ඇමැතූ ඇමැතිවරයා වැඩි දුරටත් මේසේ ද පැවැසීය.
ඊශ්‍රායල් සාත්තු සේවයේ රැකියාවක් දෙන්න කවුරු හරි සල්ලි ඉල්ලුවා නම් හෝ දුන්නා නම් කරුණාකරලා කියන්න. ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සදහා කිසිදු අයෙක් බාහිර පාර්ශවයන්ට මුදල් ගෙවිය යුතු නෑ.
ඊශ්‍රායල් රැකියා සදහා රාජ්‍ය අංශයෙන් ගියත් එකයි, පෞද්ගලික අංශයෙන් ගියත් එකයි. අපිට ඕනේ සාධාරණ ගාණකට පුළුවන් තරම් පිරිසක් යවන්න විතරයි. ඒ ආණ්ඩුව පෞද්ගලික අංශය නතර කරන්න තීරණය කළේ ඒ නිසයි. නැති ව අපි නතර කරලා නෙවෙයි.
ඔයාලා හොදට ඉගෙන ගෙන රැකියාවට යන්න සුදුසුකම් ලබලා තියෙනවා. ගිහින් තමන්ගේ ජොබ් එක හරියට කරලා, ඉක්මනින් හොද සල්ලිකාරයෝ බවට පත් වෙන්න. එහෙම කියලා හොරකම් කරන්න යන්න එපා. තමන්ගේ රාජකාරිය හරියට කරන්න, යුතුකම හරියට කළොත් හරි විදියට ඉස්සරහට යන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් හරියට වැඩ කරන්න. හරියට වැඩ කළොත් ඔබේ වීසා එක දීර්ඝ වෙනවා. ඉන් අනතුරු ව ලංකාවට ඇවිත් නැවත යන්න අවස්ථාව ලැබෙනවා. ඒ සියල්ල හදා ගන්න. හරි විදියට වැඩ කරන්න.
ඒ වගේ ම ලංකාවේ සාත්තු සේවා මධ්‍යස්ථානයක්, වැඩිහිටි සත්තාකරක නිවාසයක් ආරම්භ කරන්න. අපේ බලාපොරොත්තුවත් ඔබ එතැනට එනවා දකින එක මිස හැමදාට ම එහේ තියන්න නෙවෙයි. එහේ ගිහින් හම්බ කරන්න. මෙහේ ඇවිත් ව්‍යවසායකයෙක් වෙන්න. ආපසු ඇවිත් වැඩිහිටි සත්තාකර සංචාරක කර්මාන්තය ඔබට ආරම්භ කළ හැකියි. ඔබේ ජාත්‍යන්තර අත්දැකීමත් එක්ක විදේශීය වැඩිහිටියන් ඔබේ නිවාසයට ගෙන්වාගෙන සේවය සලසන්න පුළුවන්. ඒ විදියේ නව්‍ය ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. අපේ රට දියුණු වෙන්න නම් හැම කෙනාම ව්‍යවසායකයෙක් වෙන්න ඕනෑ.
රජයේ රස්සාවල් ම බලාගෙන කෙහේ හරි ලියුම් ලිය ලිය ඉදල ම හරියන්නේ නෑ. හැමෝම ව්‍යවසායකයෝ බවට පත් වෙන්න ඕනෑ. පුළුවන් තරම් අය ව්‍යාපාර කරන්න ඕනෑ.
ඔයාලා ඉගෙන ගෙන තියෙනවා. දැන් අත්දැකීම් ගන්න යනවා. බ්‍රේන් ග්‍රේන් කියලා කියන්නේ ඔබ රටින් යන විට. නෑ, අපි කියන්නේ බ්‍රේන් ගේන් එකක් වෙන්නේ. ඒ කියන්නේ ඔබ ගිහින්, අත්දැකීම් අරගෙන, නැවත ලංකාවට ඇවිත්, ඒ දැනුම රට ඇතුලේ ආයෝජනය කරන්න ඕනෑ. ඒ අයෝජන පරිසරය හදා ගන්න ගමන්, එවන සල්ලි ටික බැංකු හරහා එවන්න. තෙල් ටික, බෙහෙත් ටික ගන්න මුදල් වුවමනා වෙන නිසා. ඒ යුතුකම ඉටු කරන්න.
මේක ඔබට රජයෙන් දීපු අවස්ථාවක්. ඒකත් එක්ක සහසම්බන්ධ වෙලා වැඩ කරන්න. සහ මේ වැඩපිළිවෙල වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය දෙන්න. කවුරු හරි කෙනෙක් අහුවෙලා තියෙනවා නම්, ඒ පිළිබද තොරතුරු රහසිගත ව හරි දෙන්න.
ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය තමයි මේක. මින් පස්සේ ඔබට ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. මින් පස්සේ ඔබ හිටියාට වඩා වෙනස් විදියටයි ජීවත් වෙන්නේ. අද ඔබට මේ ගමන යන්න කොච්චර අපහසු වුණා වුණත්, තව ටික දවසකින් ඔබේ ඒ මට්ටම වෙනස් වෙනවා. ඔබ ඒ තැනට යන ගමනේ ජීවිතේ වෙනස් වෙන්නේ මෙතැනින්. ඔබේ ජීවිතයේ ඒ හැරවුම් ලක්ෂය මේක. ඒක හරියට පාවිච්චි කළොත් ඉන් පස්සේ ඉදිරියට ම යන්න පුළුවන්. වැරදියට ගත්තොත් වැරදුනාමයි. ඒ නිසා මේ හැරවුම් ලක්ෂය හරියට අරගෙන ඉදිරියට ම යන්න. මේ තමයි ආරම්භය. රටේත් ඔබේන් නව පිබිදීමේ ආරම්භය තමයි මේ”, ලෙස පවසන ලදී.