හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනෙකු සහ එක් සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු මෙම පිරිස පසුගියදා අත්අඩංගුවට ගෙන අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුනි.
ඒ අනුව මෙම එක් එක් සැකකාරිය සදහා රු.10,000 බැගින් මුදල් ඇප සහ රු.ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය අද ලබාදෙන ලදී.මේ අතර නඩුව පෙබරවාරි මස 13 වනදා තෙක් කල් තබා ඇත.
















































