සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් ඉලක්ක කරගත් මේ අයවැය සම්ප්‍රදායික දේශපාලනයේ හිරවුණු විරුද්ධ පක්ෂයේ අයට තේරෙන්නේ නෑ – අමාත්‍ය මනුෂ නානායක්කාර
ජනප්‍රිය දේශපාලන තීන්දු නැති, තරුණයා ඉලක්ක කරගත්, සංවර්ධිත රාජ්‍යයක් බවට රට පත් කිරීමේ මූලික වැඩපිළිවෙල මෙම අයවැය තුළින් ඉදිරිපත් කෙරෙන බවත්, සම්ප්‍රදායික දේශපාලනයේ නියුතු විරුද්ධ පක්ෂයේ සමහරුන් එය නොතේරෙන බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවැති අය වැය පිළිබද දැනුම්වත් කිරීම සදහා වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
රට වැටිලා තියෙන වෙලාවක රට ගොඩ නගන අය වැයක් තමයි මේ. මේක අය වැයකට එහා ගිය 2048 දී සංවර්ධිත රටක් බවට පත් කිරීමේ වැඩපිලිවෙල මහ පොළොවේ තැන්පත් කරන වැඩපිළිවෙලක්.
එහෙත් අය වැයකින් බලාපොරොත්තු වන සමෘද්ධිය වැඩි කිරීම, පාන් මිල අඩු කිරීම වැනි ජනප්‍රිය දේශපාලන තීන්දු නැති, තරුණයා ඉලක්ක කරගත්, සංවර්ධිත රාජ්‍යයක් බවට රට පත් කිරීමේ මූලික වැඩපිළිවෙල තමයි මේ.
2048 දී රට සංවර්ධිත රටක් බවට පත්වනු දැකීමට කැමැති සියලුම මහජන මන්තීවරුන්ට මෙම වැඩපිළිවෙලට එක්වන්නැයි යෝජනා කරනවා. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මේ අය වැය මගින් හදුන්වා දෙනවා.
රටේ කම්කරුවාගේ ඵලදායිතාවය, ආයෝජනවල ඵලදායිතාවය, රටේ සම්පත් ඵලදායී ලෙස යොදා ගන්නවාද යන්න ගැන කටයුතු කිරීම සදහා ඵලදායීතා කොමිසමක් පත් කරනවා. ඒ මගින් රටේ සියලුම ව්‍යාපෘතීන්වල ඵලදායිතාවය අධීක්ෂණය කරනවා. රාජ්‍ය විසින් සිදුකරන සියලුම ආයෝජනවල ඵලදායිතාවය පිළිබදව සොයා බලනවා. මේ වැඩපිළිවෙල ඵලදායිතා කොමිසම හරහා ක්‍රියාත්මක කරනවා.
යල් පැන ගිය කම්කරු නීතිවලින් ඵලදායිතාවයට, කාර්යක්ෂමතාවයට, තරගකාරීත්වයට කිසිදු සහායක් නෑ. නූතන වැඩ ලෝකයට ගැලපෙන්නේ නෑ. ව්‍යසායකයන්ට අනවශ්‍ය බරක් එමගින් ලබාදී තිබෙනවා. ඵලදායිතාවය මූලික කරගත් ක්‍රමවේදයකට යාමට මේ නීති මගින් බාධා පැමිණෙනවා. අපේ රටේ කම්කරු නීති බොහෝමයක් හදලා තියෙන්නේ දේශපාලනය පදනම් කරගෙන. ඒ නිසා ආයෝජකයාට හිතකර, කම්කරුවා ආරක්ෂා කරන ආකාරයට එක් කම්කරු නීතියක් හදනවා. කම්කරුවාගේ ආරක්ෂාව සහතික කරන අතරම ආයෝජකයන් දිරි ගැන්වීමට මේ හරහා කටයුතු කරනවා.
පුද්ගලික අංශයේ කම්කරුවන් සදහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දෙනවා. ඒ අනුව කම්කරුවන්ගේ රැකියාව අහිමි වුනොත් මාස තුනක් දක්වා වැටුප් ලැබෙනවා. රෝගාබාධ ඇතිවූ විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය දායකත්වය ලබාදෙනවා. ඒ වගේ ම සමාජ ආරක්ෂණයක් ලෙස අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.
ඩිජිටල්කරණයට සහ තරුණයන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් පුහුණු කරනවා. ලෝකයේ ශ්‍රම වෙෙළදපොලට ගැලපෙන පරිදි ශ්‍රමිකයන් බිහි කිරීම සදහා අධ්‍යාපනයේ වෙනස්කම් කරනවා. ඒ අතරම තෘතීය අධ්‍යාපනය හරහා දේශීය හා ලෝක වෙෙළදපොලට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීමට කටයුතු කරනවා.
සහනාධාර, යැපුම් මානසිකත්වය වෙනස් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදී තිබෙනවා. ආණ්ඩුව නැනී කෙනෙක් නොවනට බවට වන සංකල්පමය වෙනස අපි ක්‍රියාත්මක කරනවා.
මේ අය වැයේදී තවත් මුදල් අච්චු ගහලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න තිබුණා. ලෝකයෙන් ණයට අරගෙන වැටුප් වැඩි කළා. පාරවල් හදන්න මුදල් වෙන් කළා. අපි මේ වරද තේරුම් අරගෙන තියෙනවා. ඒත් විපක්ෂයේ දේශපාලඥයන්ට අය වැය ලේඛනය තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. මේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ගැන කතා නොකර සාම්ප්‍රදායික දේශපාලනය කරන්න හදනවා. මේ අය වැය තේරුම් ගැනීමට විපක්ෂය කටයුතු කළ යුතුයි.
මේ රජය ජනප්‍රියවාදී තීන්දු ගන්නේ නෑ. ජනතාවාදී තීන්දු විතරයි ගන්නේ. පටු දේශපාලනය වෙනුවෙන් සංදර්ශනාත්මක අය වැය ගේන්නේ නෑ. දේශපාලනික වශයෙන් අවාසිදායක තීන්දු බය නැතිව මේ ආණ්ඩුව අරගන්නවා. තාවකාලික අල්ලස් දීලා මේ රට ගොඩ ගන්න බැරි බව දශක ගණනාවක අත්දැකීම් සමග අපි අවබෝධ කරගෙන තියෙනවා.
ලංකාවේ විදේශ ගත වන ශ්‍රමිකයන්ගෙන් සියයට 30ක් තමයි නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ ගත වෙන්නේ. එළැඹෙන අප්‍රේල් 1 වැනිදායින් පසුව ගෘහ සේවිකාවන්ට එන්.වී.ක්‍යු සහතිකය හා දින තහළිස් පහක පුහුණුව අනිවාර්ය වෙනවා. විදේශ ගතවන ශ්‍රමිකයන් සදහා අවශ්‍ය පුහුණුව, වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ඵලදායී වූත්, දීර්ඝ කාලීන වූත් වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කරනවා.
මෙතෙක් කල් අපේ රටට නොතිබුණ ශ්‍රම වෙළපොල සම්බන්ධයෙන් වන අධ්‍යයනය අපි කරනවා. මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය කරන පාඨමාලා යෝජනා කරනවා. එය වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන සියලු ආයතනවලට අපි දෙනවා. වෘත්තීය පුහුණු අමාත්‍යංශයත්, රට වටේ තියෙන පුහුණු ආයතනයත් එක් ව අලුත් ආකාරයට, ලෝකයට ගැලපෙන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.














































