අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා අද (20) අලුයම අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ඊයේ (19) දිනයේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනින.ඒ ඕමානය සහ ඩුබායි හි රැකියා ලබාදෙන බව ප්‍රකාශ කරමින් මිනිස් ජාවාරමේ නියුතු බවට චෝදනා ලද අයෙකි.
















































