බටහිර තුර්කියේ ඩුඒස් නගරයේ රික්ටර් මාපාංක 06ක භු කම්පනයක් වාර්තා වී ඇත.
මෙම භූ කම්පන තත්ත්වය ඉස්තාන්බුල් නුවරට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි ඩුඒස් නගරයේ කිලෝමීටර් 3.9ක් පොළොව අභ්‍යන්තරයේ හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන ප්‍රකාශ කර ඇත.
එමෙන්ම එම ප්‍රදේශයෙන් රික්ටර් මාපාංකයේ 3.9ක පසු කම්පනයක් ද වාර්තා වී ඇති බව සඳහන් වේ.
කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙනිසා සිදු වූ දේපළ හානි හෝ ජීවිත හානි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවයි.















































