පිළියන්දල -ජයමාවත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක් මෝටර් රථයක් තුල සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය නිවසේ නවතා තිබු මෝටර් රථය තුලට නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාව ඇතුළු වූ මෙම සිසුවා එහි සිරවී ඇති අතර ඔහුට එහි දොරවල් විවර කරගත නොහැකි වී ඇත
පසුව මෙම සිසුවාගේ පියා පැමිණ මෙහි දොරවල් විවර කර ඇති අතර ඒ වන විටත් ඔහු අසාධ්‍ය තත්වයේ පසුවිය.මෙම සිසුවා පසුව කොළබ ශික්‍ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති නමුත් ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසා තිබේ.
















































