පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුන් 04 දෙනෙකු මේ අනුව යළි අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒත් සමග මේ වන තෙක් හිටපුඋපකුලපතිට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සංඛ්‍යාව 10ක්.
එමෙන්ම මෙම පහරදීමට අදාළව ඊයේ (12) සිසුන් 12 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගේ ශිෂ්‍යභාවය ද අහෝසි කර තිබේ.
















































