ඊයේ (20) දිනයේ සිට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ පුද්ගලයන්ට රුපියල් 2000 ක දීමනාවක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව ජීවනෝපාය අහිමි පුද්ගලයින්ගේ නම් ලයිස්තුවක් කඩිනමින් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
එම ලැයිස්තුවට අනුව ලබන සතියේ සිට මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර ඇත.















































