රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කිරීමට තලෙයිබාන් පාලනය කටයුතු කර තිබේ.
ඒ අනුව ඉස්ලාමීය පාලකයින් ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලය හිජාබය නොපැළදීම මඟින් සහිරා නීතිය කඩකර ඇති හෙයින් එම පියවර ගත් බවයි.
එමෙන්ම ආර්ථික අමාත්‍යාංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිපියකින් එම නියෝගය දැනුම් දී ඇති බව වාර්තා වන අතර එම නියෝගය අනුගමනය නොකරන්නේ නම් සංවිධානවල බලපත්‍ර අවලංගු කරන බවද ලිපියෙහි සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් මෙම නියෝගය එක්සත් ජාතීන්ගේ ද අප්‍රසාදයට ලක් ව තිබෙන අතර
තලෙයිබාන් රජය මෙම නියෝගය නිකුත් කළේ එරට කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමෙන් දින කිහිපයකට පසු වීම විශේෂත්වයකි.















































