දැදුරු ඔයේ සහ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04 බැගින් විවෘත කිරීමට ඉදිරි පැය 24ක කාලය තුළ දී කටයුතු කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
එමෙන්ම මේ වන විටත් විවෘතව ඇති අනෙකුත් ජලාශවල වාන් දොරටු අද (27) පස්වරු කාලය වන විට වසා දැමීමට හැකියාව ලැබෙනු ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය තෙදින පුරාවට ලැබුණු වර්ෂාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 88ක ධාරිතාව 62% ක් ඉක්මවා ඇති බවයි.
















































