අද (28) උදෑසන රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.
ඒ අනුව මෙසේ කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය මේ වන විට රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ සිට දිවෙන මාර්ගයෙන් දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි.
















































