හූනෙක් පාදක කර ගනිමින් නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ එකම පවුලේ සය දෙනෙක් මියගොස් තිබේ.
ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නමැති පුද්ගලයෙක්, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙකි.
මොවුන්ගේ නිවස දෙසින් කිසිදු ශබ්දයක් නොමැති වීම හේතුවෙන් අසල්වාසීන් විසින් කරන ලද විපරම් කිරීමකින් අනතුරුව නිවසෙහි දොර කඩා නිවස තුළට ඇතුළු වී තිබේ.එහිදී මෙම පවුලේ සියල්ලන් නිවස තුළ මියගොස් සිටිනු දැක ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පිරිස රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මෙසේ මිය ගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් ය.
එහිදී අසල්වැසියන් විසින් නිවස පරීක්ෂා කිරීමේ දී මොවුන් රාත්‍රී ආහාරයට ගන්නා ලද සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයාගෙන තිබෙන බවයි නයිජීරියානු මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව මෙනිසා මොවුන්ට ආහාර විස වී මෙසේ මරණයට පත්ව ඇති බවට සැකපහළ කරයි.
















































