සමාජ මාධ්‍ය නියාමනය සදහාෂනව පනතක් හදුන්වා දීමට මේ වන විට කටයුතු සැකසෙමින්. ඒ සදහා සිංගප්පූරුවේ පවතින ක්‍රමවේදය ලංකාවට ගැලපෙන ලෙස සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (6) පැවසීය.
පුවත්පත්, ලියාපදිංචි වෙබ් අඩවි, ගුවන්විදුලි සහ රෑපවාහිනී ඇතුලු සියලුම පිලිගත් මාධ්‍ය ආයතන සදහා නීති සකසා තිබේ. නමුත් එම බොහෝ ආයතනවලින් ජනතා පරමාධිපත්‍ය සුරැකීම සදහා කටයුතු සිදු නොවන බව පැහැදිලිය. ඉන් බොහෝ ආයතන ක්‍රියාත්මක වන්නේ මුදල් සෙවීම සහ ආණ්ඩු බිහි කිරීම සදහා ජනතාව නොමක යැවීමය.
පිලිගත් මාධ්‍යවල කටයුතු ඒ ආකාරයෙන සිදුවන අතර සත්‍ය ලියන සහ කථා කරන මාධ්‍ය ආයතන වලට එරෙහිවද රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වේ. තමන්ට සිදුවන අසාධාරණයන් ඔවුන් පිටකරනුයේ සමාජ මාධ්‍ය හරහාය. තවත් පැත්තකින් දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා දැඩි ලෙස සමාජ මාධ්‍ය අවභාවිතා වේ.
එබැවින්, සමාජ මාධ්‍ය නියාමනය විය යුත්තේ ජනතාවට වැරදි තොරතුරු ජනගත වීම වැලැක්වීම සදහාය. ඒත් සමගම දැනටත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවන සමස්ථ නීති පද්ධතියම අලභාවිතා කිරීම නවතා නීතිය ක්‍රියාත්මක කිරීම විදිමත් කල යුතුය. එසේ නොමැතිව තමන්ට සිදුවන අකටයුතුකම් සමාඡ මාධ්‍ය හරහා හෝ පැවසීමට ඉඩ ලැබීම අවහිර කලහොත් අනාගතයේ කැරලි කෝලාහල නිර්මාණය වනු ඇත.
එසේම මේ වන විට ලෝකය පුරාම ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකිකයන් විසිරී සිටිති. ඔවුන් එම රටවල් වල සිට විවිධ ගිණුම් හරහා ශ්‍රී ලංකාව ගැන ලිවීම සහ කථා කිරීම කරනු ඇත. ඒවා වෑලැක්වීමට නොහැකිවනු ඇත. එබැවින් මෙම නියාමනය කල යුත්තේ අන්තර්ජාලය දෙස මනා අවබෝධයකිනි. එසේ නැතිව නිර්මාණය වන සියලු අණ පනත් අතීසාරයට අමුඩෙ ගැසුවා වැනි වනු ඇත. දේශීය වශයෙන් පවතින සියලු අණපනත්වල තත්වය මේ වන විටත් එසේමය. බලය ඇත්තන්ට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක වීම වලක්වන නීතියක් මේ සියල්ලටම පෙර හදුන්වා දිය යුතුය. එවිට සමාජ මාධ්‍ය අවභාවිතය ස්වාභාවිකවම නවතිනු ඇත. මේ සියලු ගැටලුවලට හේතුව නීතියේ ක්‍රියාත්මකවීම දුෂණය වීමයි.














































