ශ්‍රී ලංකාවේ පාලකයන් ආගමට මුවා වී දේශපාලනය කරන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මහා බැංකුව හොරා කෑ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (09) හිරු සලකුණ වැඩසටහනට සහභාගි වෙමිනි.
ඔහු මෙහිදී සඳහන් කරන්නේ ශ්‍රී දළදා මාලිඟාව යනු බෞද්ධ ජනතාවට හිමි දෙයක් බවත් දළදා මාලිගාව යනු සජිත්ගේ හෝ මහින්දගේ දෙයක් නොවන බවත් සඳහන් කරයි. තමන් ඔහු ශ්‍රී දළදා වහන්සේ වැදීමට යන්නේ මාධ්‍යවේදීන් සමග නොවන බවයි.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කල ඔහු මහජන මුදලින් ඔහුගේ අම්මා යැපීමද වැරදි බව සඳහන් කරන ලදී. එසේම සජිත් බස් එලවන්නේ ශෝභනේට බවද ප්‍රකාශ කරන ලදී. තවද, සජිත් ප්‍රේමදාස මහතා පාසල් දරුන්වන්ට දේශපාලන කථා කියන බවද ප්‍රකාශකරන ලදී.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳවද දැඩි විවේචනයක් ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු සඳහන් කලේ 69 ලක්ෂයක් චන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව බවයි.
මෙහිදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ප්‍රශ්නකරමින් ඔහු මීට පෙර ප්‍රසිද්ධකල දූෂණ වංචා සහිත ලිපිගොනු වලට මොකද උනේ, ඒවාට විරුද්ධව පොලිසියට පැමිනිලිකලාද යන්නද ප්‍රශ්නකරන ලදී. එම ලිපිගොනු තමන් ලග තිබෙන බවද ප්‍රකාශ කරන ලදී. ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කරන ලදී. අදාළ ආයතන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවද ප්‍රකාශකරන ලදී.














































