ධීවර බෝට්ටු 7ක් ගිනිගෙන විනාශ වීමක් සම්බන්ධව මෝදර ලෙල්ලම ප්‍රදේශයෙන් වාර්තාවේ.
පොලීසිය සදහන් කරණ ආකාරයට මෙම සිදුවීම අද (11) අළුයම 01.30 ට පමණ සිදුව තිබේ.
පොලිසියත් හෙට්ටියාවත්ත ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න මැඩ පවත්වා තිබේ.
ධීවර බෝට්ටු ගිනිගෙන විනාශ වීම සම්බන්ධව හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.