STF නිලධාරීන් විසින් ජා ඇල ප්‍රදේශයේදී තීරුබදු නොගෙවා ගෙන්වන ලද වල්නාශක තොගයක් හා ඒවා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාරි 10 න දින ජා ඇල දඩුගම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කොට තිබේ.
වැටලීමේදී අත්අඩංගුවට ගත් වල්නාශක පැකට් 4250 ක් හා කිරුලුපන ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙක් හා ප්‍රවාහනයට භාවිතා කල ලොරි රථය වැඩි දුර විමර්ශන සදහා ජා ඇල පොලිසීය වෙත භාර දී තිබේ.