English
සිංහල
01:51 අඟහරුවාදා, ජූනි 23, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඉදිරියේදී ජපානයේ රැකියා ඇබෑර්තු ලක්ෂ 65 ක්

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජපානයේ ඔටෝ මොබයිල් ක්ශේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් – පුහුණුලාභීන්ට ජපානයේ සෘජු රැකියා අවස්ථා – අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ඉහළ පෙළේ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර එකගතාවයක්

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ලබාදීම සදහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, එහි පුහුණුව ලබන පුහුණුලාභීන්ට සෘජුවම ජපානයේ රැකියා අවස්ථා ලබාදීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවීමට පැමිණි ඉහළ පෙලේ ජපන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් එකගතාවය දැක්වූහ.

    ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය FUJIMARU Satoshi, ජනගහන පරිහානිය ජය ගැනීම සහ දේශීය ආර්ථිකය ජීවමාන කිරීම ප්‍රවර්ධනය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය YAMAMOTO Kozo යන මහත්වරුන් ප්‍රමුඛ ජපාන නියෝජිත කණ්ඩායමක් අද (11) උදෑසන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී හමුවූ අතර එහිදී ජපාන නියෝජිත කණ්ඩායම මෙම එකගතාවය දැක්වූහ.

    ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මෙහිදී අවධානය යොමුවිය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම සහ සහාය ඒ සදහා ලබාදීමටද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එකගතාවය පළ කළේය. මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසුව, එහි පුහුණුව ලබන සියලු දෙනාටම සෘජුව ජපානයේ රැකියා අවස්ථා විවෘත කරදීමට ඇති හැකියාව පිළිබද ජපාන නියෝජිත කණ්ඩාම පැහැදිළි කළහ.

    ඉදිරි වසර කිහිපය තුළදී ජපානයේ රැකියා සදහා විදේශ රටවලින් ශ්‍රමිකයින් ලක්ෂ 65ක් බදවා ගැනීමේ අවශ්‍යතාවය පවතින අතර, එම ශ්‍රම ඉල්ලුම සම්පූර්ණ කිරීම සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දායකත්වය ලබාදිය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

    ජපානයට ශ්‍රමිකයින් පිටත් කර යවන එස්.එස්. ඩබ්ලිව් වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමටත්, ඒ සදහා ජපානයෙන් ලැබිය යුතු උපරිම සහාය ලබාදීමටත් මෙම නියෝජිත කණ්ඩායම එකගතාවය දැක්වූහ.

    මේ වන විට ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ මට්ටමක පවතින නිසා විදේශ රටවල ශ්‍රමිකයින්ට පවතින වැඩි රැකියා අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ලංකාවේ ශ්‍රමිකයින් වැඩි වශයෙන් බදවා ගැනිමට ජපානය සූදානමින් සිටින බව ජපන් නියෝජිතයෝ පැවසූහ. ජපානය සහ ලංකාව අතර පවතින සමීප සංස්කෘතික හා ආගමික සම්බන්ධතාවයන් නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් බදවා ගැනීමට වැඩි කැමැත්තක් ඇති බව ජපාන නියෝජිතයෝ සදහන් කළහ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් සපයන රටවල් අතර අංක එකට පැමිණීමට අවශ්‍ය කටයුතු තමන්ගේ සෘජු මැදිහත්වීම මත සූදානම් කර ඇති බව මනුෂ නානායක්කාර ඇමැතිවරයා පැහැදිළි කළේය.

    පාසල් විශය මාලාවට ජපන් භාෂාව ඇතුළත් කිරීමට තමන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත්, ජාතික අධ්‍යාපන ආයතනය විසින් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත පන්දහසකට ජපන් භාෂා පුහුණුව ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, පසුගියදා පැවති ජපන් භාෂා ප්‍රවීණතා විභාගයට දාහත්දහසක් මුහුණදී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

    එස්.එස්. ඩබ්ලිව් වැඩසටහන යටතේ ජපානයට ශ්‍රමිකයින් බදවා ගනු ලබන ක්ෂේත්‍ර 14න් 3ක් මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කරදීමට කටයුතු කිරීම ගැන ජපානයට ස්තුතිය පුද කළ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා කඩිනමින් අනෙක් ක්ෂේත්‍රයන්ගේ රැකියා අවස්ථා ලංකාවට විවෘත කර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරදීමට අවශ්‍ය පියවර ගැනීම ගැනද මෙහිදී අවධානය යොමු විය.

    තමන්ගේ ජපාන සංචාරය අතරවාරයේදී ගෝජෝ නගරය සහ ගාල්ල නගරය සහෝදර නගර ලෙස සංවර්ධනය කිරීම සදහා ඇති කරගත් එකගතාවයන් පිළිබදවත්, ජපාන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ආකර්ශනය කරගැනීම සදහා වන ”විසිට් ගෝල්” ව්‍යාපෘතිය පිළිබදවත් අමාත්‍යවරයා ජපාන නියෝජිතයින්ට පැහැදිළි කළේය.

    ජපානය සහ ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඇති හැකියාව ගැන අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරයා ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

    ආර්ථික වශයෙන් රට මුහුණදී ඇති අර්බුදයට විසදුම් ලබාගැනීම සදහා ජපාන රජය ලංකාවට ලබාදෙන සහාය පිළිබදවද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් ජපන් නියෝජිතයින්ට සිය ස්තුතිය පුද කළේය.

    මෙම අවස්ථාවට මෙරට සිටින ජපන් තානාපති MIZUKOSHI Hideaki, ජනගහන පරිහානිය ජය ගැනීම සහ දේශීය ආර්ථිකය ජීවමාන කිරීම ප්‍රවර්ධනය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලේකම් HIROSE Takayuki ඇතුළු ජපාන තානාපති කාර්යාලයේ නියෝජිතයින්ද, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ්. විමලවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Tags: ප්‍රජා පුවත්විදේශීය
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    ඔටාවා ඝාතනයේ අවසන් කටයුතු හෙට.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version