මෙරට දේශපාලන පක්ෂ 10 ක පමණ ජනතා නියෝජිතයන් එක්ව නිදහස් ජනතා සන්ධානය නමින් නව දේශපාලන පක්ෂක් පිහිටුවා තිබේ.
ඒ අනුව නව පක්ෂය අද (11) එළිදැක්වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී නිදහස් ජනතා සන්ධානය නමිනි.
පිහිටුවන ලද නව පක්ෂය මෙවර පළාත්පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත අතර නව පක්ෂයේ චන්ද ලකුණ ලෙස හෙලිකොප්ටරය තෝරා ගෙන තිබේ.
නවසන්ධානයට මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට පැමිණි විශාල මන්ත්‍රී වරු ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දැක ගත හැකි විය.
අලුත් පක්ෂයකින්, අලුත් චන්ද ලකුණකින් විවිධ පක්ෂ වල සිටින පරණ කණ්ඩායමක් මෙවර පළාත් පාලන චන්දයට තරග කිරීම විශේෂයකි.














































