මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති කේ පි ගුණරත්න රුපියල් ලක්ෂ 60 ක මුදල් වංචාවක් සම්න්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (12) ඉදිරිපත් වී තිබේ.
එහි දී ඔහුට ඇප නියම කරමින් මහනුවර අධිකරණ ප්‍රදේශයේ පදිංචි කරුවන් සමග මුදල් ඇපයක් තැබීමට අධිකරණය නියෝග කර තිබේ. එය ලක්ෂ 30 බැගින් වූ ශරීර අප දෙකක් බවට වාර්තා වේ.
නමුත් එම ප්‍රදේශයේ ඇපකරුවන් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර වෙත රැගෙන යාමට නියමිතව තිබෙන බව වාර්තා වේ.














































