මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට අයත් යැයි පැවසෙන නිවසක් පිටුපස ඝාතනය කොට වලදමා තිබියදී මළසිරුරු දෙකක් සොයාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය පිළිබද ඔත්තුවක් පොලිසියට ලබාදුන් බවට සැක පිට මෙම ඝාතනය සිදු කර ඇති බවට සැකකරන බවයි පොලිසිය සදහන් කරන්නේ.
පොලීසිය සදහන් කරන්නේ නොවෙම්බෙර් මස 19හා 28 යන දින වලදී මාවනැල්ල කිරිංගදෙනිය හා කෙරමිනිය ප්‍රදේශ වල පදිංචි මොහොමඩ් ඉබ්බාල් මොහොමඩ් අසාර් හා මොහමඩ් අන්වර් මොහොමඩ් අර්ශාඩ් නමැති තරුනයන් දෙදෙනා අතුරුදහන් බවට පොලීසිය ට පැමිණිලි ලැබී තිබිණි.
ඒඅනුව නුව කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ නිවසේ මළසිරුරු වළදා ඇති බවට තොරතුරක් ලැබීමත් සමග සෝදිසිමේහෙයුම් ක්‍රියාත්මක විය.
ඒ අනුව පොලීසිය මගින් කෑගල්ල මහේස්ත්‍රාත් අදිකරණයට මේ පිලිබදව කරුණු වාර්තා කරණ ලදී.
පසුව කෑගල්ල මහේස්ත්‍රාත් තුමියගේ අදීක්ෂණය යටතේ හා කෑගල්ලරෝහලේ අධිකරණ වෛදයවරුන් ඉදිරියේදී ශෝදිසි මෙහෙයුම් ආරම්භ කරණ ලදී.
මෙහෙයුම් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඊයේ (12) පස්වරුවේ ඉහත සදහන් අදාළ නිවසේ උරයක දමා වලදමා තිබියදී පළමුව එක මලසිරුරකුත් පසුව අද (13) දිනයේ නැවතත් ශෝදිසි මෙහෙයුම් ආරම්ඹ කල අතර එහි දී අනෙක් මල සිරුරද සොයාගෙන තිබේ.
මේ පිලිබදව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.