තියුණු ආයුධයකින් තම වෘෂණ කෝෂ දෙක කපා ගත් පුද්ගලයෙකු පොල්පිතිගම මූලික රෝහලට ඇතුලත්පු කර තිබෙන බව වාර්තා වේ.
මෙසේ රෝහල් ගත කර තිබෙන්නේ කුබුක්ගැටේ පොලිස් වසමේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.ඔහු පොල් කඩන්නට භාවිතා කරන කැත්තකින් වෘෂණ කෝෂ වෙන් වෙන්නට කපා ගෙන ඇති අතර එහිදී ලේ වහනය නවතා ගැනීමට නොහැකි වීම මත පවුලේ අය විසින් ඔහුව පොල්පිතිගම රෝහලට ඇතුලත් කර තිබේ.
වෘෂණ කෝෂ දෙක පොලිතින් බෑගයක දමාගෙන පොල්පිතිගම රෝහලට ඇතුළත් කරන ලද ඔහු පසුව කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබේ .














































