ආරක්‍ෂිත ස්ටිකරය නොමැතිව මත් පැන් අලවිසැල් වල ඇති මත් පැන් බෝතල් වැටලීමේ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් දියත් කොට තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ වැටලීම් සදහා මේවනවිටත් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.
එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මත් පැන් වල ප්‍රමිතිය බදු ගෙවා ඇති බවට සහතික කරණ ලද ආරක්‍ෂිත ස්ටිකරය නොමැතිව නීති රාමුවෙන් පරිබාහිරව කූඨ ව්‍යාපාරිකයන් නීති විරෝධී ලෙස ක්‍රියා කරණ බැවින් මෙම වැටලීම් සිදුකරණ බවයි.
ඒඅනුව විවිද ප්‍රදේශ වල කරන ලද වැටලීම් වලින් ආරක්‍ෂිත ස්ටිකරය නොමැතිව මත් පැන්තොගයක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තාවේ.














































