එකම පවුලේ මවක්,දියණියක්, හා පුතකු එක්ව ත්‍රී රෝද රථයකින් හෙරෝයින් රැගෙන යමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන තෙබෙ.
ඔහුන් මෙම හෙරෝයින් රැගෙන ගොස් ඇත්තේ ඊසි කෑෂ් ක්‍රමයට විකිණීමට බව හෙළිව තිබේ.
රැගෙන යමින් තිබු හෙරෝයින් වල වටිනා කම රුපියල් ලක්ෂ දහයක් බවයි වාර්තාවන්නේ.
අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටල් හිමිකාරිනියක් වන ප්‍රධාන සැකකාරිය කොස්ගොඩ පිටියේගොඩ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.
දියණිය 32 හැවිරිදි වියේ හා පුත්‍රයා 25 හැවිරිදි වියේ බවයි පැවසෙන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මව සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 9ක් පමණ ප්‍රමාණයක්ද දියණිය සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 720ක් ද පුත්‍රයා සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 420ක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.














































