නේපාලය අවුරුදු 30 කට පසුව සිදුවූ මෙන්ම මුහුණ දුන් දරුණුතම ගුවන් අනතුර හේතුවෙන් එරට රජය අද දින ශෝක දිනයක් බවට නම් කල බව වාර්තාවේ.
පුද්ගලයන් 68 දෙනකුගේ ජීවිත අහිමි කරමින් මෙම ගුවන් අනතුර ඊයේ (15) දින කත්මන්ඩු නුවර සිට පොකාරා වෙත පියාසර කරමින් තිබියදී සිදුවිය.
නේපාල ආරක්ෂක අංශ හා සහනසේවා කණ්ඩායම් එක්ව තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
















































