යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මහා මාර්ගයකදී තරුණියක් පැහැරගෙන යාමේ පුවතක් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ.
පිළියන්දල පොලීසියට ඊයේ (15) ලැබුණු පැමිණිල්ලකට අනුව ශෝදිසි මෙහෙයුම් ආරම්භ කල බව පොලීසිය සදහන් කරයි.
මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි විවාහක නාවික හමුදා සෙබළකු විසින් මෙම තරුණිය පැහර ගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
මොහුන් දෙදෙනා අතර මීට මාස හයකට පමණපෙර ප්‍රේම සම්බන්දයක් තිබුබවත් එම සම්බන්දය නතර කල පසු අවස්ථා කිහිපයකදී සැකකරු විසින් තරුණියට තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළිව තිබේ.
පිළියන්දල පොලීසිය මෙම පැහැර ගැනීම සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.














































