ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම නිසා එම ආයතනය විනාශ වන බව අප දිගින් දිගටම පෙන්වා දී තිබේ. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලනය නොකරන පොලිස් නිලධාරීන් 70% කටත් වැඩ සිටිති. දේශපාලනය කරනා නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන්ගේ දේශපාලන නායකයන් කවුදැයි යන්න දේශපාලකයන්ගේ ලිපි පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු වල අමුණා තිබේ නම් හදුනාගැනීමට හැකියාව තිබේ.
එවන් අනීතික නිලධාරීන් විසින්ම ශ්‍රී ලංකාවේ නීතිය විනාශ කරන විට මොනරාගල SSP පසුගියදා විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ නිධානයක් ගොඩ ගැනීමට යමින් සිටියදී බව හෙළිවන්නේ චමුදිත සමරවික්‍රම මහතා සමග හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන කීර්ති රත්නායක මහතා සමග සිදුකල සාකච්චාවකදීය.
එහිදී ඔහු ඇල්ලීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම අනාවරණය වේ. මෙහිදී ඔහු සදහන් කරන්නේ SSP සිසිර කුමාර යනු වෘත්තීය නිධන් හොරෙක් බවද, විවිධ ස්ථානවලට ගංජා ප්‍රවාහනය කර දී මුදල් ලබා ගන්නා බවද, මෙහිදී අනාවරණය විය. කෙසේ නමුත් SSP වරයා බේරාගැනීම සදහා ද මෙහෙයුමක් ක්‍රියාත්මක බවද ඔහු පෙන්වා දෙන ලදී. සම්පූර්ණ විස්තරය පහතින් අහන්න.














































