බලවතුන් මේ වන විට සූදානම් වන්නේ මැතිවරණයකටය. ඔවුන් තමන්ගේ බලය රැක ගැනීම සදහා දැඩි ව්‍යායාමයක නිරතව සිටි. ඒ අතර තවත් පක්ෂ එකට එකතුවෙමින් මැතිවරණය සදහා සූදානම් වෙමින් සිටි. නමුත් සාමාන්‍ය ජනතාවට නම් තවමත් ඡන්දයක අවශ්‍යතාවයක් නැත. ඔවුන් සිටින්නේ දිවි ගැටගහගන්නා සටනකය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය එකතුවයි. සාකච්ඡා කිහිපයකින් අනතුරුව තීරණය වී ඇත්තේ 43 වන සේනාංකයේ අපේක්ෂකයින්ද හාවා ලකුණින් මැතිවරණයට අවතීර්ණ කිරීමටයි.
නව ලංකා නිදහස් පක්ෂයේ හාවා ලකුණ යටතේ පළාත් පාලන ආයතන රැසකට, 43 වන සේනාංකය අපේක්ෂකයින් ඉදිරිපත් කරවීමට මේ වන විට තීරණය කර අවසන් බවද වාර්තා වේ. ඊට අදාළව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතව තිබෙන බවද කිය වේ.














































