ජා ඇල යාගොඩමුල්ල ප්‍රදීශයේ කාන්තාවක් පිලිස්සී මිය ගොස් තිබේ.
නිවසක් ගිනිගන්නා බව දන්වා පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිටත් ගින්න පැවති අතර පොලිසිය එක්ව ගින්න මැඩපවත්වා තිබේ.
පසුව පොලීසිය පිලිස්සී විනාශයට පත් නිවස පරීක්ෂා කිරිමෙදී පිළිස්සුනු මල සිරුර හමු වූ බව වාර්තා වේ.
ඊයේ (17) මෙලෙස පිලිස්සී මිය ගොස් ඇත්තේ කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් බව සදහන්වේ.
මියගිය කාන්තාව එම නිවසේ තනිවම පදිංචිව සිටි බවත් මිය ගිය කාන්තාවගේ සිරුර මිය ගිය ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තබාඇති බවත් සදහන්වේ.
මිනුවන්ගොඩ පොලීසිය මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































