වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් හා වෑන් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති බව වාලච්චේන පොලීසිය සදහන් කර තිබේ.
මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු හා මාස හතරක් වයසැති බිලදකු මිය ගොස් , කාන්තාවන් සිවු දෙනකු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කොට ඇති බව පොලීසිය සදහන් කරයි.
අනතුර හේතුවෙන් මියගොස් ඇත්තේ අසු වියැති පුත්තලම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නව්ෆාර් නම් පුද්ගලයකු බව වාර්තා වේ.
,එලෙස අනතුරට පත්ව ඇත්තේ පුත්තලම දෙස සිට කාත්තන්කුඩි දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථයක් බව පොලීසිය ප්‍රකාශ කරයි.
වාලච්චේන පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ අනතුරට සම්බන්ධ බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.














































