බෞද්ධයන්ගේ තවත් මුදුන් මල් කඩක් වන්නේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට යම් අනතුරක් සිදු වෙමින් පවතින බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ. මේ වන විට මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර රුවන්වැලි මහා සෑය සේම රට පුරා තිබෙන පැරණි විහාර සහ දේවාල වල ද පාලකයන් සිදුකරන්නේ රටේ බෞද්ධ ධර්මය විනාශ කිරීම බව අප සාක්ෂි සහිතවම අනාවරණය කර තිබේ. නමුත් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් දැඩි නිද්‍රාවකය. බුදු දහමට හෝ වෙනත් ආගමක් විනාශ කරන රටක පැවැත්මක් නැත.
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන සමාජ මාධ්‍ය වල සැරි සරන පුවත පහතින් දැක් වේ.
” නව අටමස්ථානාධිපති පත්වී මාස 3ක් යාමටත් පෙර මොකක්ද මේ ගහපු හෙණේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ අති පූජනීය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේට?
පසුගිය දවස්වල ඇතිවූ කාලගුණ විපර්යාසය නිසා මේ දිලීරය ශ්‍රී මහා බෝධියට ඇතුල්වූ බවයි මෙය බාරව සිටින කෘෂිකාර්මික උපාධියක් හිමි, පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ සේවය කරන චමින්ද රත්නායක මහතාගේ අදහස.
එහෙත් මේ බෝධිය අයිති කුලයටම අයත් අනිකුත් පැරණි පරිවාර බෝධීන්ට මේ දිලීරය බලපෑවේ නැත්තේ ඇයි?
හිතාමතා ම යම්කිසි දෙයක් බෝධීන්වහන්සේට ඇතුල් කළාද?
නැතිනම් මෙයට හේතුව අර බහුවිධ කුළුණද?
වහාම මෙයට ප්‍රතිකාර කළ යුත්තේ උද්භිද උද්‍යාන අධ්‍යක්ෂතුමියගේ අධීක්ෂණය යටතේ ඒ ගැන අවබෝධයක් තිබෙන කෙනෙකු මිස ඔතන සිටින ස්වාමීන් වහන්සේලා නොවේ.
බෝධීන්වහන්සේ සුවපත් වනතුරුම උද්භිද විද්‍යාඥයකු අනුරාධපුරයේ රඳවන්න.
පශ්චිම රාජිණිය කවදත් අවදියෙන්.
මේ පිළිබඳව අද කතා නොකරන කිසිම බෞද්ධයකු හෙට කට නොඅරිනු.
අද හැන්දෑවේ ලබාගත් මේ ඡායාරූප හොඳින් නිරීක්ෂණය කරන්න.”