මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ(25) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කලේ අද (26) සිට විදුලිය විසන්ධි නොකරන බවයි. ඒ උසස්පෙළ විභාගය අවසන් වන තෙක් බවද ඔහු ප්‍රකාශ කළේය. ඔහුට අනුව එය මානව හිමිකම් කොමිෂම හා සමග බැඳී තිබේ. එය මානව හිමිකම් කඩ නොවීමට කරගෙන තිබෙන එකඟතාවයකි.
දැන් දරුවන් අදුරේය. ලාම්පුවක් පත්තු කිරීමටවත් භුමි තෙල් හෝ නැත. ඉටිපන්දම් වලින් පාඩම් කිරීමට නොහැක. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල භූමි තෙල් නැත. විශ්ව විද්‍යාල දරුවන් සේම පාසල් දරුවන්ද අදුරේ තබමින් ඔවුන් මේ සිදුකරන්නේ ක්‍රීඩාවකි. මේ වන විට මහජන උපයෝගිතා කොමිෂම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විදුලිබල මණ්ඩලයට එරෙහිවය. ඔවුන්ට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් නිවේදනය කර තිබේ. නමුත් මේ දෙකම ආණ්ඩුවේ ආයතන වේ. ආණ්ඩුවේ ආයතන ලෙස ඔවුන් නඩු පැවරිය යුත්තේ මණ්ඩලයේ කාට වුවත් ඔවුන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටි.
මහජන උපයෝගිතා කොමිෂම විසින් විදුලිබල මණ්ඩලයේ සහ අමාත්‍යංශයේ ලේකම්වරයාට පුද්ගලිකව නඩු පවරන්නේ නම් එය පිළිගත හැකි සැබෑම නීතිමය ක්‍රියාවලියකි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම සහ මහජන උපයෝගිතා කොමිෂම යනු කොමිෂම් සභා දෙකකි. එසේ නම් දැන් නඩු පැවරිය යුතුමය. ඒ සාමන්‍ය මූලික අයිතිවාසිකම් නඩු නොවේ. ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩුය.
කෙසේ නමුත් මේ රාජ්‍ය ආයතන මහජනතාව දකින්නේ පාපන්දු බෝල ලෙසය. ඔවුන් උඩ දමා පයින් ගසන්නේ පා පන්දුවටය. මහජන උපයෝගිතා කොමිෂම විදුලි බලමණ්ඩලය වෙත යොමුකර තිබෙන අදාළ ලිපිය පහතින් බලන්න.
