ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම්ව සීටී. ජනාධිපතිවරයා පවසන පරිදි ඉන් රටේ බෙදීමක් සිදු නොවේ. ජනාධිපතිවරයා එය ඉදිරිපත් කලත් අනුමත කරනුයේ පාර්ලිමේන්තුව විසිනි. එය අනුමත කිරීමට චන්දය දෙන්නේ ජනතා නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි. කෙසේ නමුත් රටේ බහුතරයක් ජනතාව එම ක්‍රමය හදුනාගෙන නොමැති බැවින් ජනාධිපතිවරයාට ඇගිල්ල දිගු වේ.
මේ අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකරන ලෙසට භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් විවෘත සංදේශයක් ඉදිරිපත්කර තිබේ.පසුගිය 28 වන දා නිකුත් කර ඇති මෙම විවෘත සන්දේශයට ඇල්ලේ ගුණවංශ හිමි, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්, නීතිඥ මයුර ගුණවංශ, නීතිඥ දර්ශන වෙරදූවගේ, නීතිඥ කණිෂ්ක විතාරණ සහ නීතිඥ ආර්.ඒ.ආර්.එන්. රූපසිංහ යන පාර්ශ්ව අත්සන් කර තිබේ.
මෙම සංදේශය ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලයට හා සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකර ඇති අතර, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකිකයන් සූරාකෑමට ලක්වීමත්, උතුරු නැගෙනහිර පිහිටි භූමිය හා සම්පත් ඉන්දියාවේ ඍජු ග්‍රහණයට ලක්වීමත්, රටේ ජනතාව අතර අසමගිය ඇතිවීමත් සිදුවන බව එම සන්දේශයෙන් පෙන්වා දී ඇත.දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේදී පොලිස් හා ඉඩම් බලතල ඇතුළු තවත් ආනුෂංගික බලතල කිහිපයක් පළාත් සභාවලට පැවරීමට සිදුවන බවත්, එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවට, ආර්ථික ස්වෛරීත්වයට හා සංවර්ධනයට ප්‍රබල තර්ජනයක් බවත් මෙම විවෘත සන්දේශයේ සඳහන් කර ඇත.
මෙම සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීමේදී එක් එක් පළාතක් තුළ එකිනෙකින් වෙන්ව ක්‍රියාත්මක වන හා ප්‍රධාන අමාත්‍යවරයාට වගකියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පාලනය වන පොලිස් හමුදාවක් බිහිවන බවත්, එමගින් පළාත්බද පොලිස් කොමිෂන් සභාවන් පත්කිරීමත් මධ්‍යම රජයේ පොලිසියට ප්‍රාදේශීය වශයෙන් බලතල ක්‍රියාත්මක කිරීමේදී දැඩි සීමා පැනවීමත් සිදුවන බැවින් මෙය රාජ්‍ය ආරක්ෂාවට සහ රට තුළ නීතියේ පාලනය ස්ථාපනය කිරීමට අහිතකර බලපෑමක් ඇති කරන බවත් එම සන්දේශය මගින් පෙන්වා දෙයි.දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉඩම් බලතල විමධ්‍යගත වීමත්, පළාත් සභාව නොවිමසා පළාතක් තුළ ඇති රජයේ ඉඩම් සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා ජනාධිපතිට සීමා පැනවීමත්, පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ප්‍රධාන ආණ්ඩුවෙන් ස්වාධීනව පළාත් සභාවට පියවර ගැනීමට හැකිවීමත් සිදුවන බව ද එහි දැක්වේ.ටී.එන්.ඒ. සාමාජිකයන් උතුරු පළාත් සභාවේ පාලන බලතල ලැබී තිබියදීත් එහි වෙසෙන ජනතාවට කිසිදු සේවයක් නොකළ බවත්, එහෙත් කිසිදු අඩුවකින් තොරව ඉන්දියාවේ සූරාකෑමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීම සඳහා පළාත් සභාවට පූර්ණ බලතල ලැබෙන තෙක් බලා සිටින බවත් සන්දේශයෙන් චෝදනා එල්ලකර තිබේ.පසුගිය දා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග වත්මන් ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇත්තේ රටේ සම්පත් හා භූමිය ආක්‍රමණය කිරීමේ ඉන්දීය කුමන්ත්‍රණය ඉන්දියාවේ නිර්මාණයක් වන පළාත් සභා යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කිරීමට බවද මෙම සංදේශයෙන් පවසා තිබේ.













































