පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (31) දින පැවති සාකච්ප්‍ඡාවකදී ප්‍රකාශ කරන ලදී .
හිටපු ජනාධිපති වරයා ප්‍රකාශ කරන්නේ කතෝලික ජනතාව ඔහු කෙරේ වෛරයක් හෝ ක්‍රෝධයක් නැති බවත් තමාගේ පාලන කාලය තුළ තමාගේ රටේ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වරද වෙනුවෙන් මා හට වන්දියක් ගෙවීමට සිදුවීමත් එම ප්‍රහාරයෙන් මිය ගිය හා අත් පා අහිමිව එක්තැන්ව සිටින සියලු දෙනාගෙන්නුත් ඔහු දෙවියන් වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශ කරන ලදී.
නඩු තීන්දුවේ ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ නිලධාරීන් බරපතල වරදක් කළහොත් ජනාධිපතිවරයාද වගකියයුතු වන්නේය යන්න බවත් ප්‍රකාශ කරන ලදී.
තවද තමාට මොන ප්‍රශ්න බාධක කරදර කුමන්ත්‍රණ කළද තමා කිසිම දේකට බිය නොමැති බවත් නීතියට අධිකරණයට හිස නමන බවත් මට මොන වද දුන්නත් ඉදිරි ජනාධිපති වරණයත් තරග කරන බව ප්‍රකාශ කලා.














































