යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකෝ පවසා ඇත්තේ රුසියාව විසින් තම රටේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම ප්‍රහාරය සදහා රුසියාව විසින් ලක්ෂ පහක පමණ භට පිරිසක් කැදවා ඇති බවත්ය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම රට ආක්‍රමණය ආරම්භ කොට වසරක් පිරීම සනිටුවහන් කිරීම වෙනුවෙන් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සුදානම් වන බවයි















































