අප වෙබ් අඩවිය මීට පෙර දළදා වහන්සේට සිදුවන අගෞරවයන් පිලිබදව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 86 වන වගන්තිය ප්‍රකාරව ප්‍රවෘත්තියක් පල කරන ලදී. තවද උතුම් දළදා වහන්සේ හෝ දළදා මාලිගාව කිහිප දෙනෙකුගේ පෞද්ගලික උරුමයක් නොවේ. එය ලෝකවාසී සියලු බොදු බැතිමතුන්ගේ ආගමික උරුමයක් වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වන පරිච්ෙඡ්දයේ 9 වන වගන්තියට අනුව “බුද්ධ සාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු” අතර දළදා මාලිගාව තුල රජයේ වගකීම ඉටු කිරීමේ සිවිල් ප්‍රධානියා වන්නේ ගරු දියවඩන නිලමේ වන අතර ලැබී තිබෙන තොරතුරු අනුව, විවිධ කටයුතු ඉටු ඉරීම සදහා දියවඩන නිලමේතුමා විසින් විවිධ පුද්ගලයන් පත්කර තිබෙන බව පැහැදිලිය. ඒ අනුව මාද්‍ය අංශයක්ද , එහිද ප්‍රධානියෙක්ද සිටින බව පැහැදිලිය. අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් සියල්ලම නිසි පරිදිම සිදු කිරීම සදහා මොවුන් බැදී සිටිති.
දළදා මාලිගාවේ සංකේතය බෞද්ධ දර්ශනයයි. බෞද්ධ දර්ශනයේ සදහන් වන, බෞද්ධයන් විසින් සුරැකිය යුතු සීලයේ, හතරවන ශික්ෂා පදය “ මුසාවාදා වේරමණී ශික්ෂා පදන් සමාදියාමි” නොහොත් ,” බොරුකීමෙන් වැලකෙමි” යන්නයි. කතෝලික ආගමේ දස පනත තුල හෝ ඉස්ලාම් ආගමේ ශුදවූ කුරානය තුල හෝ බොරුවට, වංචාවට, දූෂණයට ඉඩක් ලබා දී නැත. ලෝකවාසී ජනතාවගේ බොදු උරුමය සුරකින, දළදා මාලිගාවේ සේවකයෝ බොරුවෙන් , වංචාවෙන් , දූෂණයෙන් ජීවත් වෙමින් ආගමික සාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමවත් සුරකින්නේ නැතිනම්, අප දනුවත් කර තිබියදීත්, බොදු සලකුණ තම පුද්ගලික ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් , සුරැකිය යුතු හතරවන ශිල්පදය පසෙකට දමා ලෝකවාසී මිලියන ගණනක් වන සියලු බොදු මැතිමතුන්ට බොරු සහ වංචා සිදු කිරීම දිගින් දිගටම සිදු කිරීම කල අතර අතිගරු ජනාධිපතිතුමන් වෙත, “ පෙරහැර මංගල්‍ය නිසි ලෙස සිදු උණා” යන “ සංදේශය බාර දෙමින් ශ්‍රී ලංකා ජනරජයටද, අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සංඟයා වහන්සේලාටද, ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවටද, ලෝකවාසී බොදු ජනතාවටද විශාල බොරුවක්, වංචාවක් සිදු කරන ලදී. සිතීමේ නිදහස, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන අතර මෙම සියලු පුවත් පළකරනුයේ නීතියට අනුවය. නීතිය නොදැන අපට විරුද්දව ද්වේෂ සහගතව කටයුතු කිරීම පිලිබදව දළදා මාලිගාවේ මාද්‍ය අධ්‍යක්ෂකට අපගේ කණගාටුව ප්‍රකාශ කරමි.
ඒ අනුව අප මෙතෙක් පල නොකළ සියලු තොරතුරු ඉදිරියේදී පල කරන අතර, දළදා මාලිගාව තුල ලෝකවාසි බොදු හැගීම් වලට විරුද්දව සිදු කරන සියලු කරුණු පිලිබදව මෙන්ම ජනාධිපතිතුමන්ගේ කීර්ති නාමයට හානිවන ලෙස සිදු කරනු ලැබූ කටයතු පිළිබදවද මේ වන විට අති ගරු ජනාධිපතිතුමන් වෙත පැමිණිලි කිරීමට කටයුතු කරමින් තිබේ. එසේම අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ජනතාවගේ ආගමික අයිතිය සුරැකීම කල යුත්තේ එහි සේවකයන්ය. ඔවුන් සිදු කරන මේ කටයුතු නිසා අපගේ නිදහස, අහිමි කිරීමට ඉඩ නොලැබෙන අතර, රාවණා ලංකා, අප සතුව නීතිය ඉදිරියේ පිළිගත හැකි සියලු සාක්ෂි තිබෙන අතර, ඕනෑම අධිකරණයකට, පරීක්ෂණයකට අවශ්‍ය සියලු තොරතුරු අප සතුව තිබෙන බවද සදහන් කරන අතර, සත්‍ය සටහන් කිරීමෙන්, දළදා මාලිගාවේ මාද්‍ය ප්‍රධානි හට අපහසුතාවයක් ඇති වුයේ නම් අපගේ කණගාටුව සටහන් කරන නමුත් අපරාධයන්හි තොරතුරු සැගවීම වරදක් වන අතර, සත්‍ය තොරතුරු ජනතාව වෙත සැපයීමේ ක්‍රියාවලියට බාදා කිරීමට කිසිදු නෛතික බලයක් හෝ අයිතියක් එහි මාධ්‍ය ප්‍රධානියට නොමැති අතර ජනාධිපතිතුමා ප්‍රමුඛ මහජනතාව වෙනුවෙන් කරන ලද සියලු වංචනික ක්‍රියාවන් වසා ගැනීම සදහා අප වෙත කරන බලපෑම් ගැන අපද කණගාටු වන නමුත් රාවණා ලංකා අපගේ සත්‍ය තොරතුරු පලවීම වාරණය කිරීමට නොහැකි වනු ඇති අතර, එසේ කිරීමට නොහැකි වන ලෙස සියලු දේ සිදු කර අපගේ ප්‍රකාශ එලි දක්වන බවද ඉතාම සතුටින් සටහන් කරමි.
















































