කහවත්ත ගල්ලනකන්ද ආරණ්‍ය සේනාශනයේ අඩුවක්ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේ නම ප්‍රදේශයේ ජීවත් වන කේ. වී. සිරිපාල මහතාගේ ප්‍රධාන මුල්‍ය වියදමින් හා ප්‍රදේශ වාසීන්ගේ දායකත්වයෙන් විහාරාධිපති දඹුල්ලේ විමලරත්න නායක හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ ඉදිකර අවසන් කර ඇත.
පැල්මඩුල්ල කහවත්ත පුරාණ ගල්ලෙන්කන්ද ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළදවීමේ උත්සවය හෙට හා අනිද්දා (2023.02.04 සහ 05) දෙදින පුරා එම විහාරස්ථානයේදී පැවැත්වේ.
2023.02.04 දින සවස 06.30ට කොත්වහන්සේ පෙරහැරෙන් ආරණ්‍ය සේනාසනයට වැඩම කරවා එදින රාත්‍රිය පහන්වන තුරු පිරිත් දේශනයක් පවත්වා පසු (2023.02.05) දින 10.03ට ලබන සුභ මොහොතින් කොත් වහන්සේ පළදා බැතිමතුන් හට වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසනු ඇත.
එදින දහවල් මහා සංඝයා විෂයෙහි දානය පිළිගන්වා පින් අනුමෝදන් කරවීමෙන් මෙම උත්සවය අවසන් වන බව වාර්තා සංවිධායක මණ්ඩලය සදහන් කරයි