සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. වාර්තා වන ආකාරයට ඊයේ (05) රාත්‍රී ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි මස 09 වෙනිදා අරගලකරුවන්ට අරලියගහ මන්දිරය ඇතුලට කඩා වැදීම සඳහා ඔහු විසින් අනුබල දී ඇතැයි සැකය මත සිදුකෙරෙන විමර්ශන වලට සහාය නොදී රටින් පියවීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මිට පෙර අවස්ථා කිහිපයක දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබිණ. මිට සති කිහිපයකට පෙරදී ඔහුට යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නැයි දැනුම්දුන් අවස්ථාවේදී ඔහු විදේශගතව සිටින බවට වාර්තාවීමත් සමග පොලිසිය විසින් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දී තිබිණ. කටුනායක ගුවන් තොටුපලදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ එම උසාවි නියෝගයට අනුව බවද කිය වේ.
කෙසේ නමුත් එවැනි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුනේද, මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම් කර තිබුනේද යන්න අප විසින්ම තහවුරු කරගෙන නැත. කෙසේ නමුත් අරගලයට සහාය දැක්වූ බවට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ටද චෝදනා එල්ලවෙමින් පවතී.













































