English
සිංහල
21:32 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නිදහස් දින හමුදා අභිමානය කෙලෙසන හමුදා ලොක්කෝ

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    (විශේෂ ලියුම්කරුවෙකු විසින් ලියන ලදී)

    “හොර අඹුවට ෂොපින් යන්න හමුදා වාහනයක් නුවරට පැන්නූ බ්‍රිගේඩියර්”.

    “මාස තුනට ඩීසල් ලීටර් 1600 ක් ( රුපියල් 640,000) අවභාවිතා කරලා.“

    “ආරක්ෂක ලේකම්ගේ නිල නිවසේත් අයිස් ගහලා.
    අයිස් ගංජා ප්‍රවාහනයට තරු දෙකේ වාහන
    “

    බඩට දැනෙන ආර්ථික අර්බුදයකට රටම මුහුණදී ඇති පසුබිමක උජාරුවට 75 සමරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පීඨිකාවෙ හිටගෙන තමා ඉදිරියෙන් ගමන් කරන සෙබල සෙබළියන්ගේ ආචාර , සමාචාර, සම්මාන, උත්තමාචාර ලබනට දීර්ඝ දේශපාලන ජීවිතයේ පළමුවරට වාසනාව ලැබූද ඒ සඳහා සේනාධි නායකයා ලෙස ඔහුට සදාචාරාත්මක අයිතියක් ඇද්ද යන්න පිළිබඳව අපට ඇත්තේ සාධාරණ සැකයකි.

    නිදහස් දින හමුදා පෙළපාලියේ සෙබල සෙබලියන් දකුණ බලා රනිල් වික්‍රමසිංහගේ මුහුණට කෙලින්ම කටින් නැතිවුනත් හිතින් කියන්නේ අඩුම තරමින් අපිට හිමි බත්පතේ අයිතියවත් ආරක්ෂා කරලා දෙනවාද ජනාධිපතිතුමා වන්නට පුළුවන.

    හමුදාවේ පොඩි මිනිහා වෙනුවෙන් කවදත් කොන්දේසි විරහිතව පෙනී සිටින අප උන්නැහේලාගේ බත්පත මහ දවල් මංකොල්ලකෑම පිළිබඳව හඬ අවදි කළද හද නොදැක ඇඟිල්ල දැකපු ආරක්ෂක ලේකම් අපට තොරතුරු ලැබෙන ආකාරයේ සෙවීමට වෙහෙසුනා මිස සෙබල සෙබළියන් හට පොදු මහජනතාවගේ බදු මුදලෙන් රජයෙන් හිමි ගන්වා ඇති බත් පතේ අයිතිය සුරැකීමට අපොහොසත් විය.

    මෙම සිද්ධියට සම්බන්ධ එම දූෂිත අණදෙන නිලධාරිවරයා නැවතත් එම තනතුරේම හිද වූයේ දින 14ක් සිර අඩස්සියේ සිට සෙබළුන්ගේ ආහාර මංකොල්ලයට වැරදිකරුවී නැවතත් අණදෙන නිලධාරී තනතුරට පත්වූ ලෝකයේ පළවෙනි හමුදා නිලධාරියා ලෙස මේජර් ප්‍රසන්න වන්නිආරච්චිගේ නම ඉතිහාසයට එක් කරමින් ත්‍රිවිධ හමුදාවටම වැරදි පූර්වාදර්ශයක් ලබාදෙමිනි.

    යුද හමුදාපතිට බලපෑම් එල්ල කරමින් ආරක්ෂක ලේකම් විසින් ගනු ලබන අත්තනෝමතික නින්දිත මෙන්ම හිතුවක්කාර තීන්දු තීරණ සමස්ත යුද හමුදාවම හෑල්ලුවට ලක්කිරීම අවාසනාවන්තය.

    යු හ 50849 නුවරට උස්සපු බ්‍රිගේඩියර්

    යුධ හමුදා වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ මණ්ඩලය පනාගොඩ හමුදා ජනපදයේ ස්ථාපනය කර ඇති අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ නම් කුප්‍රකට දූෂිත නිලධාරියෙකි.

    එම අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ සෙසු නිළියන්ගේ රාජකාරි ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහා රජය විසින් විශාල මුදලක් දරමින් සිවිල් පුරවැසියෙකුගේන් කුලී පදනම මත යු හ 50849 අංක තහඩුව යටතේ යුද හමුදාවට KDH වර්ගයේ වෑන් රථයක් පවරාගෙන ඇත.

    හමුදා නීති රීති මහ දවල් අමු අමුවේ උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපළක් වන මෙම වෑන් රථය මෙන්ම මහජනතාවගේ මුදලින් ඒ සඳහා රුපියල් 640000 වටිනාකමින් යුතු ඉන්ධන (ලීටර් 1600 ක්) අවභාවිතා කරමින් රජය මගින් පඩි ගෙවන යුදහමුදා රියැදුරෙකු යොදවා මාස තුන හතරක කාලයක සිට අනවසරයෙන් තමාගේ හොර අඹුවගේ සුඛ විහරණයට මොහු විසින් මෙම වෑන් රථය අත්තනෝමතික අයුරින් නුවර ප්‍රදේශයේ ස්ථානගත කර ඇත.

    රාජකාරී අවශ්‍යතාවයන් සඳහා යුද හමුදාවෙන් ලබාදී තිබෙන රථ වාහන මෙලෙස අවභාවිතා කිරිම හේතුකොට කාෂ්ඨක අව්වේ යතුරුපැදිවල නැගී රාජකාරි අවශ්‍යතාවයන් ඉටු කිරීමට වසර විසි දෙකක සේවාකාලයක් ඉක්මවූ මේජර් වරුන්ටද සිදුවී ඇති පසුබිමක සෙබලුන් ගැන කුමන කතාද

    වැටුප් හා ලේඛන දෙකම කපෝති

    දෙවන ලුතිනන් වරයෙක් වශයෙන්1993 මාර්තු මස කන්තලේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සෙ/20260 ලාන්ස් කෝප්‍රල් සිසිර කුමාර ඩී එම් ඒ යන සෙබලා දිවි පරදුවට තබා ක්‍රියාන්විතයේ යෙදී මසකදී උපයාගත් රුපියල් 1785ක් වන සමස්ත වැටුප සොරකම් කිරීම සබැඳිව 1949 අංක 17 දරණ යුද හමුදා පනතේ ඡේද අංක 107 යටතේ වැරදිකරුවෙකුව දඩුවම් ලබා ඉන් අනතුරුව මේජර් වරයෙක් වශයෙන් දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේදී 2003 දෙසැම්බර් 17 වන දින කැඩෙට් නිලධාරීන් හට හිමි ආහාර වංචාකර ලියකියවිලි වෙනස් කිරීමේ වරදට1949 අංක 17 දරණ යුද හමුදා පනතේ ඡේද අංක 116 යටතේ දඬුවම් ලබා එම දඬුවම් සබැඳිව සියලු චෝදනාපත් ලිපි ගොනු වලින් ඉවත් කර බ්‍රිගේඩියර් නිලයට උසස් වුණු මෙම බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ හට සමස්ථ යුධ හමුදාවේම බිලියන නමයක වැටුප් හා දීමනා මෙන්ම හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ලක්ෂ 10කගේ පමණ තොරතුරු ඇතුළත් ලේඛන සබැඳිව සියලු වගකීම් භාරදී තිබීම හාස්‍යයට කෙසේ වෙතත් කුතුහලයට කරුණකි.

    මෙම දූෂිතයා සමස්ත හමුදාවේම වැටුප් හා ලේඛන අධ්‍යක්ෂවරයා වශයෙන් නිර්දේශ කර ඇත්තේ කුප්‍රකට මේජර් ජෙනරාල් මෙත්තානන්ද විසින් වන අතර මෙත්තානන්දගේ හොර කල්ලියේ ජේෂ්ඨතමයාවීම ඔහු ලද එකම සුදුසුකමවේ.

    මෙම බ්‍රිගේඩියර්වරයා මීට පෙර යුධ හමුදා සාමාජිකයන්ගේ අර්ථසාධක අරමුදල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර සමයේද දූෂණ රැසක් සිදුකර ඇති අතර ඒ පිළිබඳ ලිපි ලේඛන ලියවිලි මේ වන විටද අප සතුව පවතී. ඉදිරි දින කිහිපය තුළදී ඒ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පළකරන්නෙමු

    ලේකම් නිවසෙනුත් අයිස් මතුවෙයි

    “අයිස් මේරටෙන් තුරන් කරනවා ” යයි ආරක්ෂක ලේකම් මාධ්‍ය ඉදිරියේ අධි පොළොවේ ගසමින් හඬ නැගූවද පසුගිය දිනකදී ආරක්ෂක ලේකම්ගෙ පෞද්ගලික ශාරීරික යෝග්‍යතා පුහුණුකරු වන හමුදා සාමාජිකයෙකු ලේකම් නිල නිවසටම අයිස් ගෙන්වා භාවිතාකල පසුබිමක කෝප්‍රල් සුසිරිපාල මෙත්තානන්දගේ තරු දෙකේ වාහනේ අයිස් , ගංජා පනාගොඩ කඳවුරට ගෙනැවිත් ව්‍යාපාරයෙ යෙදෙන බව ආරක්ෂක ලේකම් නොදැන සිටීම පුදුමයට කරුණක් නොවන්නේය.

    මීට මාස දෙකකට පෙර යුද හමුදා රංග කලා අධ්‍යක්ෂ මන්ඩලයේ සේවයේ නියුතු පුද්ගලයෙක් අයිස් භාවිතා කළ බව දැනගැනීමෙන් අනතුරුව ඒ සබැඳිව නීතිය ක්‍රියාත්මක කර තිබියදීත් එම ස්ථානයේ සේවය කරමින් තමා ඇසුරු කරන කාන්තාවකගෙන් ලද තොරතුරක් මත පැය 24ක් යාමටත් මත්තෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරයාව එම තනතුරෙන් ඉවත් කළ ආරක්ෂක ලේකම් තමාගේ ඇඟ සම්බාහනය කරන පුද්ගලයා වන ගජබා රෙජිමේන්තුව ලාන්ස් කෝප්‍රල් වරයෙක් අයිස් ගසා අසූ කළ නම්බු පිට තනතුරෙන් ඉල්ලා අස් විය යුතුය. තමන්ගේ නිල නිවස අයිස් වලින් මුදවා ගැනීමට නොහැකියි ආරක්ෂක ලේකම් මෙරට අයිස් කෙසේනම් තුරන් කරයිද? ජනාධිපති වශයෙන් රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳව නොදන්නවාද නොඑසේ නම් නොදන්නවාසෙ ඉන්නවාද?.

    හැත්තෑපස් වසරක් සමස්ත ජනතාවගේම කර මත පැටවුණු උසුලාගත නොහැකි ජීවන වියදම බඩටද දැනෙන කාලයක පොදු මහජනතාවගේ මුදල් මෙලෙස අවභාවිතා කරමින් නීති විරෝධී ක්‍රියාවල නිරතවූ සහ තවදුරටත් නිරතවෙන මෙවැනි මේජර් ජෙනරාල්වරුන් බ්‍රිගේඩියර් වරුන් මෙන්ම අණදෙන නිලධාරි වරුන් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙනයාමේ වගකීම ආරක්ෂක ලේකම්ගෙන් ඉටුනොවන පසුබිමක සේනාධි නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීම අනර්ථයට පත්වූ සෙබල සෙබලියන් නිදහසේ 75 සමරන මොහොතේ බලාපොරොත්තු වනු නොඅනුමානය.

    (විශේෂ ලියුම්කරුවෙකු විසින් පිලිගත හැකි සාක්ෂි මත මෙම ලිපිය සකසා තිබේ. මෙම චෝදනාවන්වලට ලබාදෙන පිලිතුරුද පලකිරීමට අප බැදී සිටී. එසේම අදාල බලධාරීන් මෙම චෝදනාවලට එකින් එක පිලිතුරු ලබා දීමතුලින් සමාජය තුල යම් වැරදි මතයක් තිබේ නම් එයද ඉවත්වනු ඇත. ලියුම්කරු මෙවැනි ලිපියක් ඉදිරිපත් කරනුයේද එවැනි සමාජ මතයක් තිබෙන නිසාය)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version