රේගු නිලධාරීන් හරහා ආනයන හා අපනයන අවස්තාවන් වලදී සිදුවන වංචාවන් පිලිබදව ජනතාව විසින් ලබාදෙන නිවැරදි තොරතුරු වෙනුවෙන් මුදල් ත්‍යාග ලබා දීමට කටයුතු සුදානම් කොට ඇති බව රේගුවේ බුද්ධි අංශ නිලධාරියෙක් පවසා ඇත.
තොරතුරු ලබාදෙන ඕනෑම පුරවැසියකුගේ ආරක්ෂාව රහස්‍යභාවය සුරකින බවත් රාජ්‍ය අදායම සුරැකීම හා සමාජ ආරක්ෂණය වෙනුවෙන් මෙය ක්‍රියාවට නංවන බවත් නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
වංචා තොරතුරු ලබාදීම සදහා 0112471471 දරන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ද සදහන් කර ඇත.














































